Round Table Camera Club

For the advancement of Science, Craft & Art of Visual Communication via Photography

CONNECT WITH US

  • Facebook
  • Google+
  • YouTube
  • Home
  • About
    • About RTCC
    • Members
  • News & Events
  • Seeing Light by RTCC
    • ආලෝකය දැකීම 2019 | Seeing Light 2019
    • Seeing Light 2018
    • Seeing Light 2017
  • Services
  • Contact
post

අාලෝකය දැකීම 2016 | Seeing Light 2016 – “අර්ථාන්විත රූපය” | “Meaningful Image”

11, July 2016 By Editor Leave a Comment

Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

meaningful-image-round-table-camera-club

“ආලෝකය දැකීම” Round Table Camera Club මගින් වාර්ෂිකව පවත්වන, ඡායාරූප ශිල්පය මුල්කොටගත් දෘශ්‍ය සන්නිවේදනය ගැන කෙරෙන සම්මන්ත්‍රණය සහ සාකච්ඡාවේ තේමාවයි. 2014 වසරේ අප විසින් පවත්වන්නට යෙදුනු සම්මන්ත්‍රණය සහ සාකච්ඡාව අපගේ ප්‍රථම පොදු සමාජයීය කටයුත්ත විය. ඒ තුලින් මෙවැනි කටයුතු සඳහා නව ආකෘතියක් අප විසින් හඳුන්වා දුන් අතර, එහිදී ඇතිවූ සංවාද ඉතා හරවත් සහ සාධනීය විය. 2015 අගෝස්තු 21 වන දින, ආලෝකය දැකීම – 2015, සම්මන්ත්‍රණය, සාකච්ඡාව සහ රෑපණ සංකල්ප පොත එළි දැක්වීම කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම වසරේදී මෙම කටයුත්ත වඩාත් ඉදිරියට ගෙන යමින්; ආලෝකය දැකීම 2016 “අර්ථාන්විත රූපය” මැයෙන්  දවස පුරා පැවැත්වෙන සම්මන්ත්‍රණ සහ වැඩමුළු දෙකක් ලෙස කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර සම්මන්ත්‍රණයේ  විශේෂත්වය වනුයේ පෙරවරුවේ පැවැත්වෙන වැඩසටහන සම්පූර්ණයෙන්ම පාසැල් දරුවන් සඳහා වෙන්කොට තිබීමයි. සවස් වරුවේ පැවැත්වෙන වැඩසටහන පොදුවේ සියල්ලන්ටම විවෘත වන අතර නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහනට ඕනෑම කෙනෙකුට පැමිණ සහභාගී විය හැකිය.

මෙහිදී යම් රූපයක් අර්ථාන්විත වන්නේ මන්ද යන්න පිළිබඳ හැඳින්වීමකින් සම්මන්ත්‍රණය ආරම්භවන අතර එම සාධක මූලික කරගනිමින් පැවැත්වෙන ඡායාරූප ඇගයීමක් ඉන් පසුව පැවැත්වේ. මෙම කොටස සඳහා සම්මන්ත්‍රණයට සහභාගී වන්නන්ගේම ඡායාරූප භාවිතයට ගැනෙන අතර ඡායාරූප ගැන අදහස් දැක්වීම Round  Table  Camera Club හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන හෙන්රි රාජකරුණා, ජී හෙට්ටිඅරාරච්ච්, වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන, වෛද්‍ය අයස්මන්ත පීරිස් , හේමන්ත අරුණසිරි, සංජය විතාන, ක්‍රිසාන්ත මේදිස් සහ මෙන්ඩිස් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.
සම්මන්ත්‍රණයේ ඊළඟ කොටස ලෙස එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සරල ද්‍රව්‍ය කීපයක් අවකාශයේ පිහිටුවා,එම වස්තූන් සභාව ඉදිරියෙදීම ඡායාරූපගත කරමින් විවිධ අර්ථ ඇතිවන රූපයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිලිබඳ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී පැවැත්වෙන ඇගයීමේ වටය සඳහා ඡායාරූප ඉදිරිපත් කිරීම පහත සඳහන් ආකාරවලින් සිදුකල හැකිය
(අපගේ විද්වත් මණ්ඩලය විසින් තෝරාගත් ඡායාරූප මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ලබන අතර ඡායාරූප ශිල්පියාගේ නම එහිදී සඳහන් නොකෙරෙනු ඇත)

පාසල් දරුවන් උදෙසා වූ අංශය සඳහා

මෙම ඈඳුම ඈඳුම භාවිතා කරන්න 

විවෘත අංශය සඳහා

මෙම ඈඳුම මහින්

හෝ

Facebook මගින්

“Seeing Light” is the the theme of the annual photography based visual communication event organized and conducted by the Round Table Camera Club (RTCC). ‘Seeing Light 2014’, was our first ever public event and it received quite a number of satisfactory reviews & responses. Seeing Light – 2014 introduced a fresh structure for conducting such events and we were able to initiate several intriguing and eye opening discussions.

Seeing Light – 2015 was held at the Mahaweli Centre Auditorium on the 21st of August 2015 and the book “Roopana Sankalpa” was launched on the same day.

This year the club is extending the event to accommodate the school children in the morning session. The afternoon segment is an open session. The entrance is free and the event is open to the general public.

The seminar starts with an introduction to the elements of a meaningful image. This is going to be followed by a feedback session on images by the audience members. Feedback on images is going to be provided by the senior members of the Round Table Camera Club, Mr Henry Rajakaruna, Mr G Hettiarachchi, Dr Dinil Abeygunawardane, Dr Ayasmantha Pieris, Mr Hemantha Arunasiri, Mr Sanjaya Vithanaඞ Chrisantha Medis and Mr Mendis Wickramasinghe.

Following the image evaluation session a real time photo-shooting demonstration will be presented by the same panel as to how everyday objects can be arranged in space and be photographed to generate and create different meanings.

Please visit following links to submit images for the evaluation round (Names of the photographers will not be disclosed during the evaluation segment)

For School Children

Use this link to upload

Open Segment

Use this link

Or

Upload via Facebook

Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

Filed Under: Events, Past Events

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2021 · RTCC . Website by SagePixels WebTeam